ඉන්ධන හිඟය හේතුවෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුල එළවළු අලෙවිය විශාල වශයෙන් පහත වැටී ඇති බව ගොවීන් පවසනවා.
මේ දිනවල ආර්ථික මධ්‍යස්ථානය වෙත වෙළඳුන්ගේ පැමිණීම ද විශාල වශයෙන් පහත වැටී ඇති අතර, වගා බිම්වල තිබෙන එළවළු අස්වනු වෙළඳපොලට රැගෙන ඒමට නොහැකිව ඒවා විනාශවීමේ අවදානමක් ද මතුව ඇති බව ගොවීන් සහ ව්‍යාපාරිකයන් පවසයි.