පාසල් කටයුතු පවත්වාගෙන යන ආකාරය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ZOOM තාක්ෂණය ඔස්සේ අද(18) පෙරවරුවේ පැවැත්වෙයි.
හටගෙන ඇති ප්‍රවාහන ගැටලු හේතුවෙන් පාසල් කටයුතු Online තාක්ෂණයෙන් පවත්වනවා ද යන්න සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී අවසන් තීරණයකට එළැඹීමට නියමිතය.
ප්‍රවාහන දුෂ්කරතා හේතුවෙන් ළඟම පාසලට දරුවන් තාවකාලිකව අනියුක්ත කිරීමේ ක්‍රමවේදයක් සකස් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරින් කෝපා කමිටුව හමුවේ පසුගියදා අනාවරණ කළේ ය.
අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා පැවසුවේ, දෙසැම්බර් 31 වැනිදා දක්වා එය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවය.