ඔස්ට්‍රේලියාවට එරෙහි දෙවන එක්දින ක්‍රිකට් තරගය ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව ශ්‍රී ලංකාව ලකුණු 26 කින් ජය ගත්තේ ය.
මහනුවර, පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 47 යි පන්දු 4 ක් අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 220 ක් රැස් කර ගෙන සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල විය.
ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 37.1 කදී ලකුණු 189 ක් රැස් කර සිටියදී සියලු දෙනා දැවී ගියා.
පන්දු යැවීමේදී චාමික කරුණාරත්න කඩුලු 3 ක් බිද හෙලූ අතර දුශ්මන්ත චමීර, ධනංජය ද සිල්වා සහ දුනිත් වෙල්ලාලගේ අතර කඩුලු 2 බැගින් බෙදී ගියේ ය.
ඒ අනුව තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය තරග 1-1ක් ලෙස දෙපිලම සම තත්ත්වයේ පසුවෙයි.
තුන්වන තරඟය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී ලබන ඉරිදා පැවැත්වීමට නියමිතයි.