වග දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දක්වා නව කාර්යාල දුම්රියක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
වග හා කොළඹ කොටුව දුම්රිය ස්ථාන අතර මෙතෙක් ධාවනය කෙරුණු දුම්රිය ගමන්වාරවලට අමතරව මේ දුම්රිය ගමන් වාර දෙකක් ධාවනය කෙරෙන බව සඳහන් කළ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි වී.එස්. පොල්වත්තගේ මහතා සඳහන් කළේ පෙරවරු 6.20ට වග සිට අර්ධ ශීඝ්‍රගාමීව කොළඹ කොටුව දක්වාත් පස්වරු 4ට කොළඹ කොටුව සිට වග දක්වා අර්ධ ශීඝ්රගාමීවත් මේ දුම්රිය ධාවනය කෙරෙන බවයි.