වසර 1995 දී වින්ඩෝස් ඩෙස්ක්ටොප් පරිගණක වලින් ඇරඹුනු Internet Explorer හි පාරිභෝගික අනුවාදය නවත්වා තිබේ.
Internet Explorer 11 යනු එහි අවසන් අනුවාදය බව පවසමින් මේ බව මයික්‍රොසොෆ්ට් සමාගම පසුගිය වසරේදී නිවේදනය කර තිබුණි.
Internet Explorer වසර 2004 වන විට වෙළඳපොලෙන් 95% ක් අත්පත් කරගැනීමට සමත් විය.
තවදුරටත් මයික්‍රොසොෆ්ට් හා රැඳී සිටීමට කැමති පාරිභෝගිකයන් හට වසර 2015දී මයික්‍රොසොෆ්ට් මෙහෙයුම් පද්ධතිය හා නිකුත් වූ Microsoft Edge හා එක්විය හැකි බව එම සමාගම පවසයි.