Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ලිපි බෙදාහරින්නෙකුගේ නිවසේ තිබි බෙදාහැරිමට භාරගත් ලිපි 75 ක් පොලිස් භාරයට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

බගවන්තලාව උප තැපැල් කාර්යාලයේ සේවය කරන ලිපි බෙදාහරින්නෙකුගේ නිවසේ තිබි බෙදාහැරිමට භාර ගත් ලිපි 75 ක් පොලිසිය භාරයට ගත් බව බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ශාන්ත බන්ඩාර මහතා පැවසිය.

සැකකරු (13) දින ගන්ජා මිශ්‍ර එන්සි නැමැති මත්ද්‍රව්‍ය ග්‍රැම් 201 ක් සන්තකයේ තබා ගැනිම සම්බන්දයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සැකකරුගේ නවසේ තවත් මත්ද්‍රව්‍යය ඇති බවට ලද තොරතුරක් මත සැකකරු පදිංචි බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල වත්ත පහල කොටසේ නිවස පරික්ෂා කිරමේදි නිවස තුල තිබි බෙදා හැරිමට භාරගත් ලිපි 75 ක් තිබි හමුවු බවයි පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

මෙම වසරේ පෙබරවාරි සහ මාර්තු යන මාස වල බෙදා හැරිමට සැකකරු විසින් භාර ගත් ලිපි 75 ක් සැකකරු විසින් බෙදා නොහැර නිවසේ සගවා තිබු බවයි බගවන්තලාව පොලිසිය කියා සිටයේ.

සිද්දිය සම්බන්දයෙන් බගවන්තලාව උප තැපැල් කාර්යාලයේ තැපැල් ස්ථානාධිපතිවරයාගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බවත් , සිද්දිය සමබන්දයෙන් තැපැල් දෙපාර්තුමේන්තුවේ උසස් නිලධාරන් දැනුවත් කිරිමට පියවර ගත් බවයි බගවන්තලාව පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

අත්අඩංගුවට ගත් සැකකරු මත්ද්‍රව්‍ය ලග තබා ගැනිමේ චෝදනාව යටතේ සහ තැපැල් ලිපි සැගවිම , හානි සිදු කිරිම සහ ඒවාට අලාභහානි කිරිම යන චෝදනා යටතේ හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව බගවන්තලාව පොලිස් ස්ථානාධිපතිවරයා පැවසිය.

රංජිත්

Scroll to Top