Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ඉන්ධන ඉල්ලුමෙන් දියහැක්කේ 50%ක් පමණයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

”දැන් අමාරුම කාලේ ඇවිත් තිබෙනවා. ගෑස් මෙට්‍රික්ටොන් 3500ක් සහිත නැවක් අද පැමිණියා. රෝහල්, හෝටල් සහ ආදාහනාගාර වැනි ආයතනවලට අප ප්‍රමුඛත්වය දෙනවා. ඊට පසු එන නැව්වලින් මාස හතරකට ගෑස්, ඉන්ධන අඛණ්ඩව දෙන්න තීරණය කළා. අඛණ්ඩව දිය හැක්කේ දැනට තිබෙන ඉල්ලීම්වලින් සියයට පනහක් දෙනවා නම් පමණයි. දැන් තිබෙන තොග දවස් හතකට යොදා ගන්න පුළුවන්. ඉන්පසු ඉන්දීය ක්‍රෙඩිට් ලයින් එක අත්සන් කළ පසු අපට මාස හතරකට ඉන්ධන තිබෙනවා. ඉන්ධන ගන්න අපට ලංකා බැංකුවේ රුපියල් තිබුණේ නැහැ. මුදල් මුද්‍රණය කරන්න මා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ගත්තා. ඩොලර් හිඟය පියවීමට අයි.එම්.එෆ් කණ්ඩායම සමඟ සාකච්ඡා කරගෙන යනවා. ඒ වැඩකටයුතු ජූනි මස අවසන් වන විට අවසන් කර ගැනීමට හැකි වෙතැයි බලාපොරොත්තු වෙනවා.”

Scroll to Top