Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

‘නෝපේ ලීව්’ අරන් රට යන්න අවස්ථාවක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

රජයේ සේවකයින්ට පඩි රහිත වසර 5 ක විශේෂ නිවාඩු ලබාගැනීමේ අවස්ථාවක් දීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව විදේශගතවීමට උනන්දුවක් දක්වන ඇතැමුන්ට විශ්‍රාම වැටුප් ලැබීමේ අවස්ථාව අහිමිවීමේ අවදානමෙන් මිදී කැමති රැකියාවකට විදෙස්ගතවීමට අවස්ථාව උදාවේ.

දැනටමත් වැටුප් ඇතිව හෝ නොමැතිව විදේශගතව සිටින සහ තවදුරටත් වැටුප් රහිත නිවාඩු අපේක්ෂා කරන ඕනෑම රාජ්‍ය සේවකයෙකුට නැවත මෙරටට නොපැමිණ ඒ සඳහා අවශ්‍ය විධිමත් අනුමැතිය ලබා ගැනීමට ද මෙම යෝජනාවෙන් ඉඩ සැලසේ. නිවාඩු ලබාදීමේ බලය අමාත්‍යාංශ ලේකම්වරයා සතුයි.

අදාල තීරණයට කැබිනට් අනුමැතිය ලැබී ඇති අතර එම තීරණයට අදාළ සටහන පහත පරිදිය.

Scroll to Top