Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ඉන්ධන ගන්න ඩො.මිලියන 500ක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන මිලට ගැනීමට තවත් අමෙරිකන් ඩොලර් මිලියන 500ක මූල්‍ය පහසුකමක් සැලසීම කෙරෙහි ඉන්දීය රජයේ අවධානය යොමුව තිබේ.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා මට්ටමේ පවතින අතර එම මූල්‍ය පහසුකම ශ්‍රී ලංකාවට දීමට අදාළව ඉන්දියාව දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පෙන්වා දෙයි.

පවතින තත්ත්වය තුළ ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදය සමනය කිරීම වෙනුවෙන් මේ දක්වා කාලය තුළ ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියන 3.5ක මූල්‍ය පහසුකමක් දී තිබෙන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

Scroll to Top