කොළඹ කොටුව සිට මහනුවර දක්වා ධාවනය වන නව නගරාන්තර දුම්රියක් මේ මස 15 වැනිදා ආරම්භ වන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසීය.
එම දුම්රිය කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පෙරවරු 5.20 ට ආරම්භ වී පෙරවරු 8.15 ට මහනුවර දුම්රිය ස්ථානයට ළගාවීමට නියමිත බව කී දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ගම්පහ, වේයන්ගොඩ, පොල්ගහවෙළ, රඹුක්කන, පේරාදෙණිය සහ සරසවිඋයන යන දුම්රිය ස්ථානවල නතර කරන බව ද සඳහන් කළේය.
එහි මහනුවර සිට ආරම්භ වන දුම්රිය මේ මස 14 වැනිදා පස්වරු 4.45 ට මහනුවර දුම්රිය ස්ථානයෙන් ධාවනය ආරම්භ කරන බව ද දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා කීය.