ලබන 15වනදායින් පසුව ඉන්ධන ලබා දීමේ දී පවතින ගැටළු තවත් උග්රවනු ඇති බව ලංකා ඛණිජ තෙල් ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසයි.
ඊයේ දිනයේ ද බොහෝ ඉන්ධනහල් අසළ දිගු පෝලිම් දක්නට ලැබුණු බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.
fuel.gov.lk යන වෙබ් අඩවියට පිවිස තමන් සිටින පළාත, දිස්ත්‍රික්කය සහ නගරය ඇතුළත් කර ඉන් අනතුරුව අවශ්‍ය ඉන්ධන වර්ගය තේරීමෙන් ඉන්ධන තොග එම නගරය ආසන්න පිරවුම්හල්වල ඇත්දැයි දැන ගැනීමට හැකි වෙයි.
ඉන්ධන පිරවුම්හල්වල පවතින ඉන්ධන තොග සම්බන්ධයෙන් ලංකා ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම විසින් දිනපතා උදෑසන 09ට මෙම වෙබ් අඩවියට ඇතුළත් කරනු ලබයි.
අදාළ පිරවුම්හල්වල පවතින ඉන්ධන තොග සම්බන්ධයෙන් මෙම වෙබ් අඩවියේ ඇතුළත් වන්නේ එම පිරවුම්හල් සදහා අවශ්‍ය ඉන්ධන තොග රැගත් බවුසර් රථ ලංකා ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්තවලින් පිටත් වීමෙන් අනතුරුවයි.