Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ගම්මුන්ට ආදර්ශයක් වු විහාරස්ථානය

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ඉදිරියේදී ඇති විය හැකි ආහාර අර්බුදයට මුහුණ දීම සඳහා ගම්මුන්ට ද ආදර්ශයක් වෙමින් විහාරස්ථ භුමියේ අල වර්ග හා එළවළු භෝග වගා කිරීමේ විශේෂ වගා වැඩසටහනක් අක්මීමන තල්ගස්යාය ශ්‍රී අස්වත්ථාරාම විහාරාධිපති ගාල්ල කඩවත්සතර හා තල්පේ පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක මතුගම ගුණරතන හිමි විසින් ආරම්භ කරන ලදි.

මේ වගා ප්‍රවර්ධන වැඩසටහනට සමගාමීව ඉදිරියේදී ඇති විය හැකි ආහාර අර්බුදය පිළිබඳ කාන්තාවන් හා සමෘද්ධිලාභීන් දැනුම්වත් කිරීමට ද කටයුතු කර තිබේ. ගමේ විහාරස්ථානය මඟින් ගම්මුන්ටද ආදර්ශයක් දෙමින් මෙකී වගා ප්‍රවර්ධන වැඩසටහන ආරම්භ කළ බව මතුගම ගුණරත්න හිමියෝ පැවසූහ.

ඉදිරියේදී රට තුළ ආහාර හිඟයක් ඇති විය හැකි බවත් ඒ සඳහා මුහුණ දීමට සෑම බිම් අඟලක්ම වගා කරන ලෙස ගම්මුන්ගෙන් මතුගම ගුණරත්න නාහිමියෝ ඉල්ලීමක් කළහ. මෙහිදී කාන්තාවන්ට මඤ්ඤොක්කා දඬු කැබලි බෙදා දීමක් ද සිදු කෙරිණි. මේ අවස්ථාවට ග්‍රාම නිලධාරි මහේෂිකා මිහිරානි මහත්මිය හා සමෘද්ධි සංවර්ධන නිලධාරි එස්. රන්දෙණිය මහතා ඇතුළු ගම්වාසීහු එක්ව සිටියහ.

Scroll to Top