දැනට නිකුත් කරන ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයකින් පෙට්‍රල් සහ ඩීසල් අද (08) සිට ඉන්ධන පිරවුම්හල් වෙත නිකුත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
සැලසුම් කර තිබූ ඉන්ධන නෞකාවලට පෙර තවත් ඉන්ධන නෞකා දෙකක් මෙරටට ගෙන්වා ගැනීමට හැකිවූ නිසා මෙම තීරණයට එළඹි බව අමාත්‍යවරයා පැවසීය.
මේ වනවිට යළිත් උග්‍ර වී ඇති ඉන්ධන හිඟය නිසා පිරවුම්හල් ආශ්‍රිතව හටගෙන තිබූ රථවාහන පෝලිම් දිගු වෙමින් තිබේ.