මෙරට වයස අවුරුදු 05ට අඩු දරුවන් දස දෙනෙකුගෙන් එක් අයෙකු මන්ද පෝෂණයෙන් පෙලෙන බවයි පෝෂණ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස පවසයි.
ලෝක ආහාර ආරක්ෂන දිනය අදට යෙදී තිබෙනවා.
මෙවර එහි තේමාව සෞඛ්‍ය සඳහා ආරක්ෂිත ආහාර යන්නයි.
ආහාර මගින් ඇතිවන අවදානම් වැළැක්වීම, හදුනා ගැනීම හා කළමණාකරණය කිරීම සහ සෞඛ්‍ය වැඩි දියුණු කිරීම සදහා අවදානය යොමු කිරීම හා බල මුළු ගැන්වීම සඳහා වාර්ෂිකව ජුනි මස 07වන දින ලෝක ආහාර ආරක්ෂන දිනය සමරනු ලබනවා.