Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

බස් රථ හා දුම්රිය ධාවනයට යෙදවිය නොහැකි තත්ත්වයක

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ප්‍රමාණවත් පරිදි ඉන්ධන නොලැබීමෙන් පෞද්ගලික බස් රථ දහඅට දහසින් බස් රථ දහතුන් දහසක්ම ධාවනය නොවන බව පෞද්ගලික බස් සංගම් අවධාරණය කරයි.

කොවිඩ් වසංගත තත්ත්වයෙන් පසු බස් රථ දහ අටදහසින් දහතුන් දහසක් පමණක් ධාවනය කෙරෙන බවත් ඒ අතරින් බස් රථ පන්දහසක පමණ සංඛ්‍යාවක් ඊයේ (06) සහ පසුගිය දින කිහිපයේ ධාවනය වූ බවත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසීය.

නව පාසල් වාරයද ඊයේ උදෑසන ආරම්භ වූ අතර ප්‍රමාණවත් බස්රථ නොමැති වීමෙන් පාසල් දරුවන් මෙන්ම එදිනෙදා රැකී රක්ෂා සඳහා යන බොහෝ පිරිස් දැඩි අසීරුතාවට පත්වූහ.

Scroll to Top