චීනය විසින් ලබාදෙන ඖෂධ තොගයක් හෙට ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය ට්විටර් සටහනක් තබමින් නිවේදනය කර සිටිනවා. අදාළ ඖෂධ තොගයේ දෙවන කොටස මේ මාසයේ මැද භාගයේදී දිවයිනට ළඟාවීමට නියමිති.
එලෙස ලබා දෙන ඖෂධ තොගයේ වටිනාකම යුවාන් මිලියන 500ක් පමණ බවයි ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලය සඳහන් කරයි.
එම ඖෂධ තොගයෙන් මෙරට මාස 6ක ඖෂධ අවශ්‍යතාවය සපුරාලිය හැකි බව පවසන චීන තානාපති කාර්යාලය අදියර දෙකක් යටතේ එම ඖෂධ තොගය මෙරටට ලබාදීමට නියමිත බව සඳහන් කර සිටියි.