Aboutceylon Online

අරගල බිමේ තරුණයින් ජනපති හමුවට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ආර්ථික ගැටලු විසදීමට අරගලයට සම්බන්ධ තරුණයින් ඇතුළු වෘත්තීයවේදීන් සංක්ෂිප්ත යෝජනාවලියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  මහතාට  භාරදුන්නා.

මූලික කරුණු 11 ක් සහිතව ඉදිරිපත් කෙරුණු යොජනාවලිය අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඉදිරි දින කිහිපය ඇතුළත මීළග සාකච්ඡාව පැවැත්වීමටයි මෙහිදී එකගතාවට පැමිණියේ.

රට ගොඩගැනීම සදහා විවිධ ක්ෂේත්‍රයන්හි ප්‍රවීණයින් නියෝජනය කරන කණ්ඩායම් කිහිපයක් සූදානම් බව මෙහිදී සදහන් කෙරුණු අතර එම පිරිසේ සාධනීය සැළසුම් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බලය සහ සම්පත් ලබාදීමට තමා සූදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කළා.

ආචාර්ය පූජ්‍ය පාතේගම ඥානිස්ස, පූජ්‍ය විටියල කවිධජ යන ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සහ ජාතික ප්‍රතිපත්තියක් සදහා වූ වෘත්තීය එකමුතුව නියෝජනය කරමින් වෛද්‍ය අශෝක ජයසේන සහ නීතිවේදී නෙලුම් වේරගොඩ යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට අරගලයට සම්බන්ධ වෘත්තීයවේදීන් හා තරුණ කණ්ඩායමක් එක්වුණා. අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා ද මෙම සාකච්ඡාවට එක්ව සිටියා.

Scroll to Top