Aboutceylon Online

වගා නොකළ කුඹුරුවල අතිරේක භෝග

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

වගා කිරීමට නොහැකි වූ කුඹුරුවල මුං, කව්පි, සෝයා බෝංචි, කුරක්කන්, බඩඉරිඟු සහ උඳු වැනි අතිරේක භෝග අස්වද්දන්නැයි ගොවි ජනතවගෙන් ඉල්ලා සිටින බව සම කැබිනට් ප්‍රකාශ කෘෂිකර්ම, වනජීවී සහ වනසම්පත් ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවැති කැබිනට් තීරණ දැනුම්දී මේ මාධ්‍ය හමුවට එක් වෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. වී අස්වැන්නෙන් ලබන ආදායමට වඩා වැඩි ආදායමක් එම ගොවීන්ට දීමට තමා පොරොන්දු වන බවත්, එම භෝග වගා කිරීමෙන් යම් පාඩුවක් සිදු වුණොත් රජය වැඩි මිලට අස්වණු ගැනීම හෝ එම පාඩුව පියවා ගැනීමට සහනයක් දීමට පියවර ගන්නා බවත් හෙතෙම කීවේය.

ඉදිරියේ දී ඉදිරිපත් කෙරෙන සහන අයවැයේදී කෘෂිකර්ම ක්ෂේත්‍රයේ කිසිවක් නොකපා ඊට දෙන මුදල් තව තවත් වැඩි කර දෙන්න යැයි තමන් අගමැතිවරයාගෙන් ඉල්ලා සිටින බව මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය. ඉදිරි අභියෝගවලට මුහුණ දීමට හැකි ශක්තිමත් ගොවි ජනතාවක් සහ නිලධාරීන් පිරිසක් ඉන්නා බව පැවැසූ ඒ මහතා කවුරුන් හෝ ඊට බාධා කරන්නේ නම් ඔවුන් ඉවත් කිරීමට පසුබට නොවන බවද පැවසීය.

Scroll to Top