Aboutceylon Online

ආහාර කල් තබා ගන්නා ක්‍රමවේද සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කරයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

සාගත තත්ත්වයන්ට ඔරොත්තු දීමේ අරමුණින් අතිරික්ත ආහාර කල් තබා ගන්නා ක්‍රමවේද සම්බන්ධයෙන් මහජනතාව ප්‍රායෝගිකව දැනුවත් කිරිමේ වැඩසටහනක් පසුගියදා නාඋල – නාලන්ද සුදර්ශි ප්‍රාථමික විදුහලේදී පැවැත්විණි.

නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බහුලව පවතින කොස්,බටු සහ කරවිල විජලනයට ලක්කර කල් තබා ගැනීම මෙහිදි සිදුවිය.නාලන්ද සුදර්ශි ප්‍රාථමික විදුහලේ විදුහල්පති ආනන්ද කනහැරආරච්චි මහතා සහ ගුරුභවතුන්ගේ හා දුම්බර මිතුරෝ පරිසර හා සංස්කෘතික පදනමේ මූලිකත්වයෙන් පැවති මෙම වැඩසටහනේ දී පුහුණු කටයුතු උකුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලීය විදාතා මධ්‍යස්ථානයේ විද්‍යා තාක්ෂණික නිලධාරි හේෂානි දසනායක මහත්මිය පුහුණු කිරිම් සිදුකරන ලදි.

විජලන යන්ත්‍ර මඟින් සෞඛ්‍යාරක්ෂිතව ආහාර කල්තබා ගන්නා ආකාරය සම්බන්ධයෙන් පැවති මෙම වැඩසටහන සඳහා මාතලේ – මඩවල උල්පත දිනුක් ලංකා ෆුඩි ආයතනයේ එච්.එම්.බණ්ඩාර මහතා සම්පත් දායකත්වය ලබාදුණි.

නාලන්ද ප්‍රදේශයේ කාන්තාවන් රැසක් මේ සඳහා සහභාගී වී සිටි අතර ආහාර විජලන ක්‍රියාවලිය සුදර්ශි පාසලට අනුබද්ධ මවුපියන් මඟින් ඉදිරියේ දී වඩාත් පුළුල්ව සිදුකර ආහාර කල් තබාගන්නා නවින ක්‍රමවේද සමාජ ගත කිරීම වැඩසටහනේ අරමුණ බව මෙහිදි අදහස් දැක්වු විදුහල්පති ආනන්ද කනහැර ආරච්චි මහතා කියා සිටියේය.

විජලන ක්‍රියාවලියෙන් පසු ඇසුරුම් හා අතිරික්ත නිෂ්පාදන වෙළෙඳපොළ කරා රැගෙන යෑම දක්වා විවිධ කාර්යයන් සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් පිහිටුවා ඇති විදාතා සම්පත් මධ්‍යස්තාන නිලධාරින් සැදී පැහැදි සිටින බව ද මෙහදී අදහස් දැක්වු ක්ෂේත්‍ර භාර නිලධාරිහු පෙන්වා දුන්හ.

මෙම අවස්ථාව සඳහා තාක්ෂණික උපදෙස් හා නිෂ්පාද ක්‍රියාවලියේ විවිධ අවස්ථා සම්බන්ධයෙන් පුහුණුලාභින් දැනුවත් කිරීම සඳහා ප්‍රජා පාදක විසාදන දෙපාර්තමේන්තුවේ සංවර්ධන නිලධාරි සම්පත් ඒකනායක(නාඋල)උප ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විදාතා සම්පත් මධස්ථානයේ ක්ෂේත්‍ර සම්බන්ධීකාරක විජේබණ්ඩාර, විදාතා සම්පත් මධ්‍යස්ථානයේ නාඋල විද්‍යා තාක්ෂණික නිලධාරි රෝෂාන් ප්‍රදිප්, පල්ලේපොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මානව සම්පත් නිලධාරි සමන්ත තලවතුර,නාඋල ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ මානව සම්පත් සංවර්ධන නිලධාරි සුජිව පටබැඳිගේ, නාඋල ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලීය කෘෂිකර්ම අමාත්‍යාංශ සංවර්ධන නිලධාරි චතුරිකා මහත්මිය හා රාජ්‍ය නොවන සංවිධාන වෙනුවෙන් ප්‍රියන්ත හේමලාල් මහත්ම මහත්මීන් ඇතුළු තවත් විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් නිලධාරිහු පිරිසක් ද සහභාගී වී සිටියහ.

නාඋල සමූහ

Scroll to Top