රත්නපුර, කෑගල්ල, කොළඹ ගාල්ල, මාතර, කළුතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්වලට නායයෑම් අවදානමක් ඇති බව වාර්තා වනවා.
රත්නපුර, කලවාන, ඇලපාත, කුරුවිට සහ ඇහැළියගොඩ ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවලට යි මෙම රතු නිවේදන පනවා ඇත්තේ.
පවතින අධික වර්ෂාව හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක ම ජන ජීවිතයට යම් යම් බලපෑම් ඇති වී ඇති ආකාරය දැක ගත හැකි යි.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සබරගමුව පළාතෙත්, කළුතර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි බවය.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු , උතුරුමැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 40 ක පමණ තද සුළං ඇතිවිය හැකි අතර අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ, ගාල්ල සිට මාතර හා හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශ රළු විය හැකි අතර මේ පිළිබඳව ධීවර හා නාවික ප්‍රජාව අවධානයෙන් කටයුතු කරන ලෙසය.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා ඒකකයේ අධ්යක්ෂ ඉංජිනේරු එස්. පී. සී සුගීස්වර මහතා සඳහන් කළේ, අත්තනගලු ඔය, කළු, කැලණි, නිල්වලා හා ගිංගග දෙපස පහත්බිම්වල වෙසෙන ජනතාව තවදුරටත් අවධානයෙන් පසුවන ලෙසය.