වර්ෂා තත්ත්වය තව දුරටත් පැවතිය හොත් කැළණි ගගේ සහ අත්තනගලු ඔයේ පහල ප්රදේශවල ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවධානමක් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
මේ හේතුවෙන් එම ප්රදේශවල ජනතාව අද රාත්රියේ ඒ සම්බන්ධයෙන් අවධානයෙන් සිටිය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමණාකරණ ඒකකයේ අධ්යක්ෂ ඉංජිනේරු එස් පී සී සුගීෂ්වර පවසයි.