Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

තෙත් දේශගුණික තත්ත්වයක් මතත් ලොකු ලූනු වගාව සාර්ථකව සිදුකෙරේ

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

වත්තේගම, කෘෂිකර්ම කොට්ඨාසයේ මඩවල ග්‍රාමයේ පදිංචිව සිටින ආර්. එම්. කේ. රාජපක්ෂ නමැති ගොවි මහතා අත්හදා බැලීමක් විදියට මඩවල ඌරගහදෙනිය කරල්ගස්යාය බංජනාකුඹුර වෙල්යායේ මෙම ආදර්ශ ලොකු වගාව සිදුකර තිබෙන අයුරු පසුගියදා  දැක ගැනීමට හැකි විය.

රාජපක්ෂ ගොවි මහතා අනුරාධපුරය එප්පාවල ප්‍රදේශයේ වසර 23ක් ලොකු ලූනු වගාව සිදුකර මනා අත්දැකීම් ඇති අයෙකි. තෙත් දේශගුණික තත්ත්වයක් පවතින තම ගම් ප්‍රදේශයේ ලොකු ලූනු වගාව සිදුකිරීමට හැකියාව පවතින බවත් ඒ සඳහා තමන්ට උදව් කරන ලෙසත් රාජපක්ෂ ගොවි මහතා තම බල ප්‍රදේශයේ කෘෂිකර්ම උපදේශිකා අයෝමි වීරපාන මහත්මිගෙන් ඉල්ලීමක් කර තිබේ. වීරපාන මහත්මිය මේ පිළිබඳ මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමෙන් පසු වගාව සදහා සියලු පහසුකම් සපයා දීමට පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කැමැත්ත පළකර ඇත. ඒ අනුව මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ගලෙන්බිදුණුවැව ප්‍රදේශයෙන් ගෙන්වා නුවරඑළියේ දි වසන්තිකරණයට ලක්කරන ලද මව් බල්බ ලූනු කිලෝ 100ක් රාජපක්ෂ ගොවි මහතා විසින් පර්චස් 5 බිම් කොටසක සිටුවා මෙම වගා ආදර්ශනය සිදුකර ඇත.

මේ වගාව සඳහා වස විසෙන් තොරව, කෘමිනාශක, පළිබෝධ නාශක අවම වශයෙන් භාවිතය වෙනුවෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ලබාදෙන G.A.P. (යහපත් කෘෂිකාර්මික පිළිවෙත් සහතිකය ) ද පළාත් කෘෂිකර්ම උපදේශක ලකී විජේසේකර මහතා විසින් රාජපක්ෂ ගොවි මහතාට ගොවි බිමේදී ම ප්‍රදානය කරනු ලැබීය.

කටුගස්තොට සමූහ

Scroll to Top