Aboutceylon Online

කලාප 46ක අතිරේක බෝග වගාවට සැලසුම්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ඉදිරියේ දී ඇති විය හැකි ආහාර අර්බුදයකට මුහුණ දීම සදහා ගොවීන් මුහුණ පා සිටින ප්‍රධාන ගැටළු කිහිපයකට කඩිනම් විසදුම් ලබා දිය යුතු බව සමස්ථ ලංකා ගොවිජන සම්මේලනය පවසයි.

එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පැවසුවේ බීජ, කෘෂි රසායනික හා පොහොර ගැටළු මෙන්ම සී සෑමේ දී මුහුණ පෑමට සිදුව ඇති ඉන්ධන ගැටළුවට වහාම විසදුම් ලබා දිය යුතු බවයි.

කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් අචාර්ය අජන්ත ද සිල්වා පැවසුවේ දිවයිනේ කෘෂිකාර්මික කලාප 46ක් සදහා වෙන වෙනම සුදුසු අතිරේක බෝග වර්ග වගා කිරීම සදහා විධිමත් වැඩ පිළිවෙලක් ආරම්භ කරන බවයි. අතිරේක බෝග වගා කිරීමේ දී බීජ සම්බන්ධයෙන් ගැටළුයක් මතු නොවන බවද කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා සදහන් කළා.

 

Scroll to Top