ඉන්දීය ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට සිය කුළුඳුල් අයි.පී.එල් තරගය ක්රීඩා කළ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත් විය.
තරගාවලියේ අවසන් මහා තරගයේ දී කුමාර සංගක්කාර පුහුණුකාරීත්වය දැරූ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම කඩුලු 7කින් පරාජය කරමින්ය.
රාජස්ථාන් කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 130ක් ලබා ගැනීමට සමත් විය.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ ටයිටන්ස් කණ්ඩායම පන්දුවාර 18.1ක් අවසානයේ කඩුලු 3ක් දැවී ජයග්රාහී ඉලක්කය පසුකර යාමට සමත් විය.