Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

අපි ඉන්නේ ගිනි කන්දක් උඩ – මඤ්‌ඤෝක්කා දණ්ඩක්වත් අහක දාන්න එපා

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

“අපිට ඉරහඳ වගේ විශ්වාසයි යල කන්නයේ දැනටත් 55%ක් විතර තමයි කුඹුරුවලට බැහැලා තියෙන්නේ. අපි දැඩි ආහාර අර්බුදයකට මුහුණුදෙමින් ඉන්නේ. ඔබට තේරෙනවා ඇති අපි ඉන්නේ ගිනි කන්දක් උඩ.

මට දැනෙන හැටියට මේ වෙලාවේ එක මඤ්ඤාක්කා දණ්ඩක්වත් අහක දාන්න එපා. එක බතල දණ්ඩක්වත් කුණුවෙන්නට නොදී හැම මිනිහෙක්ම කොහේ හරි තැනක බිමට යමක් එකතු කළොත් කෙටිකාලීන බෝගයක් අඩුම තරමේ වේල් තුන වේල් දෙකකින් හරි නැතිනම් එක ව්‍යාජනයකින් බතක් හරි කලා ඉන්න පුළුවන් මට්ටමට හදාගන්න පුළුවන්.

මේ තමයි අපි මුහුණදෙමින් පවතින ඇත්තම තත්ත්වය. මේ වෙලාවේ හැම පන්සලක්ම, හැම කෝවිලකම, හැම දේවාලයකම පුද පුජා නවත්තලා වගාකරන්න ඕනේ. හැම පාසලක්ම ගුරුදෙගුරු සංගමයක්ම වගාකරන්න ඕනේ. හැම රාජ්‍ය ආයතනයක්ම වගා කරන්න ඕනේ. පසුගිය මතිමතාන්නර අර පිස්සු ආකල්පවල ඉන්නේ නැතිව. සමහර විට ඇහුවාම කියනවා.

ඉඩමේ වගාකරන්න විදිහක් නැහැ, තෙල් නැහැ. තමන් වගා කරන්න එපා ඒ ගමේ ඉන්න ගොවීන් තුන්දෙනාට දෙන්න ඒ රජයේ ඉඩම වගාකර ගන්න. ඒ නිසා එතනින් පටන්ගන්න.”

Scroll to Top