Aboutceylon Online

ඉන්දීය මානුෂික ආධාර අඩු ආදායම් ලාභීන්ට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ඉන්දීයාවෙන් මෙරටට පරිත්‍යාග කළ සහල් සහ කිරිපිටි තෝරා ගත් අඩු ආදායම්ලාභී පවුල් වෙත බෙදා දීම මේ වනවිට ආරම්භ කර ඇත.

ආහාර කොමසාරිස් ජේ.ක්‍රිෂ්ණමූර්ති මහතා සදහන් කළේ දිස්ත්‍රික්ක විසිපහම ආවරණය වන පරිදි දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා එම සහල් සහ කිරිපිටි බෙදා හැරීම සිදුකරන බවයි.

ඒ අනුව එක් පවුලකට සහල් කිලෝග්‍රෑම් 10 බැගින් බෙදා හැරීම සිදු කෙරෙයි.

රුපියල් කෝටි 200 ක් පමණ වටිනා භාණ්ඩ තොගයට කිරිපිටි මෙටි්‍රක්ටොන් 50 ක්, සහල් මෙටි්‍රක්ටොන් 9,000 ක් සහ ජීවිතාරක්ෂක ඖෂධ මෙටි්‍රක්ටොන් 25 ක් ඇතුළත් වූ අතර තාමිල්නාඩු මහ ඇමති එම්. කේ. ස්ටාලින් මහතාගේ මැදිහත්වීමෙන් මෙම භාණ්ඩ තොගය යොමුකර තිබුණි.

Scroll to Top