ශ්‍රී ලාංකික පර්යේෂකයෙකු සහ ස්වභාව විද්‍යාඥයකු වන ආචාර්ය රොහාන් පෙතියාගොඩට ජාත්‍යන්තර පරිසර සම්මානයක් හිමි වී ඇත.
ඔහුට මෙලෙස හිමිව ඇත්තේ ලන්ඩනයේ ලීනියන් සමාජය මගින් ලෝකය පුරා විසිරී සිටින විශිෂ්ට ශාක විද්‍යාඥයන් සහ සත්ව විද්‍යාඥයන් වෙනුවෙන් පිරිනම “ලීනියන් පදක්කමයි.” එය සැලකෙන්නේ ස්වභාව විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය ලෙසයි.
1888 වසරේ සිට වාර්ෂිකව පිරිනමන මෙම පදක්කම, ශ්‍රී ලාංකිකයෙකුට හිමිවූ පළමු අවස්ථාව මෙය වනවා.