ගාලුමුවදොර පැවැත්වෙන නිර්පාක්ෂික මහජන අරගලයට අදට දින 50 ක් සපිරෙනවා.
පසුගිය අප්‍රේල් 09 වෙනිදා දහස් ගණනක ජන සහභාගීත්වයෙන් ඇරඹි මෙම ආදරයේ අරගලය සදහා මේ වනවිටත් අඛණ්ඩව ජනතාව ඇදීඒම විශේෂත්වයක්.
ජනාධිපතිවරයා ඇතුලු පැවති රජයට බලයෙන් ඉවත්ව යන ලෙස බලකරමින් ආරම්භවූ ගෝඨාගෝගම මහජන අරගලයට සමගාමීව දිවයිනේ විවිධ ප්‍රදේශ වල ජනතාවද ප්‍රාදේශිය මට්ටමින් විරෝධතා ව්‍යාපාර සංවිධාන කර තිබුණා.
ගාලුමුවදොර නිර්පාක්ෂික මහජන අරගලය හෙවත් ගෝඨාගෝගමට දින 50 ක් සැපිරීම නිමිත්තෙන් අද දිනයේදී විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට එහි අරගලකරුවන් තීරණය කර තිබෙනවා.
ඒ අනූව අරගලකරුවන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ පස්වරු 2 ට කළු කොඩියක් රැගෙන ගාලූමුවදොර අරගල භූමියට හෝ ළගම ඇති නගරයට පැමිණෙන ලෙසයි.
ඉන්ධන සහ ගෑස් පෝළිම් වෙත යන පිරිස් වෙතොත් ඔවුන්ද කලු ඇදුමින් සැරසී කලු කොඩියක් ඇතැතිව එම පෝළිම් වෙත ගොස් ආණ්ඩුවට එරෙහිව විරෝධවය පළ කරන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ.
මේ අතර අද පස්වරු 06.30 ට ගාලුමුවදොර පිටියේදී විරෝධතා සංගීත – සංස්කෘතික ප්රසංගයක්ද පැවැත්වීමට නියමිතයි.