අද (28) පැවැත්වීමට නියමිත ගාලුමුවදොර ‘ගෝඨාගෝ ගමට’ දින 50ක් පිරීම නිමිත්තෙන් විරෝධතාවේ උද්ඝෝෂකයන්ට කොළඹ කොටුව ප්‍රදේශයේ මාර්ග කිහිපයකට ඇතුළු වීම වළක්වාලමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා තහනම් ආඥාවක් ඊයේ (27) නිකුත් කළේය.
අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 106 වන වගන්තිය ප්‍රකාරව නිකුත් කරන ලද මෙම නියෝගයට අනුව, කොළඹ එන් ඒ එස් වටරවුමේ සිට චෛත්‍ය පාර දක්වා කොටස, එන් ඒ එස් වටරවුමේ සිට ජනාධිපති මාවත දක්වා කොටස, සෙරමික් හන්දියේ සිට යෝක් විදීය, යෝක් වීදියේ සිට ලේඩි බැස්ටියන් මාවත දක්වා කොටස, මුදලිගේ මාවත, රෝයල් වීදිය, බැංකු මාවත, බාරොන් ජයතිලක මාවත සහ චැතැම් වීදිය යන ස්ථානවලට ඇතුළු වීම, ගමන් කිරීම, විරෝධතා පැවැත්වීම, ගැවසීම පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම යනාදිය තහනම් කරමින් අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත.
කොළඹ නගරයේ පිහිටා ඇති මහ බැංකුව, බැංකු මූලස්ථාන, ලෝක වෙළෙද මධ්‍යස්ථානය, වරාය, වරාග නගරය, ශ්‍රී ලංකා රේගුව, මුදල් අමාත්‍යාංශය, පොලිස් මූලස්ථානය වැනි මර්මස්ථාන විශාල සංඛ්‍යාවක් පිහිටි ඇති බවත්, එම ස්ථානවලට ලක්ෂයකට අධික ජනතාවක් දිනපතා සේවයට පැමිණෙන බවත් කොටුව පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය.