ජාතික විදුලිබල පද්ධතියට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගේ ඉහළ දායකත්වයක් එක්කර ගැනීමට සහාය වන්නැයි ජනාධිපති විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් ඉල්ලයි.
පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් විදුලිබල උත්පාදනයට දායක කරගැනීමේ දී පවතින ගැටලු පිළිබඳ සොයා බැලීමට ඊයේ (26) පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපති මේ බව පැවසීය.
සමස්ත විදුලි ඉල්ලුමෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති උත්පාදනයෙන් ලබාගැනීම රජයේ ඉලක්කය වී තිබේ. මේ වන විටත් මෙගා වොට් 700කට ආසන්න විදුලි ධාරිතාවක් සූර්ය බලශක්තියෙන් ජනනය කිරීමේ හැකියාව පවතී.