තිරිඟු පිටි මිළ අධික ලෙස ඉහළ යාමත් සමග මධ්‍යම කඳුකරයේ තේ වතු කම්කරුවන් දැඩි ආර්ථික අර්බූදයකට පත්ව සිටිති.
මේ වන විට තිරිඟු පිටි කිලෝ එකක සිල්ලර මිළ රුපියල් 275/- ක් වේ. මාස කීපයක් ඇතුලත පිටි කිලෝ එකක මිළ පිටි සමාගම් විසින් රුපියල් 175/- කට වැඩියෙන් ඉහළ දැමීම හේතුවෙන් තමුන් දැඩි අසීරුතාවයකට පත්ව සිටින බව වතු කම්කරුවෝ පවසති.
ශ්‍රී ලංකාවේ තිරිඟු පිටි පරිභෝජනය බහුලව සිදු කෙරෙන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වතු කම්කරු ප්‍රජාව විසිනි. බොහෝ කම්කරු පවුල්වල වේල් තුනම පිටි ආශ්රිත ආහාර අනුභව කරන බවත්, පිටි මිළ අහස උසට යාමත් සමග ළමයින් මෙන්ම දෛනික සේවාවන් සඳහා වතුයායේ සේවය කරන තමන් දැඩි ආර්ථික ගැටළුවකට මුහුණ දි සිටින බවත් මෙම වතු කම්කරුවෝ පෙන්වා දෙති.
අත්‍යාවශ්‍ය භාණ්ඩ සියල්ලේ මිළ අධික ලෙස ඉහළ දමා ඇති අවස්ථාවක දේශපාලනඥයන්ගේ අවස්ථාවාදී ප්‍රතිපත්ති නිසා වතු කම්කරු ප්‍රජාවට රුපියල් 1000/ දෛනික වැටුප පවා අහිමිව ඇති බව මෙම කම්කරුවෝ පවසති.
තමන්ට පිටි සහනාධාරයක් ලබා දීමට රජය සෘජුව මැදිහත්විය යුතු බව මෙම වතු කම්කරුවෝ වැඩිදුරටත් පවසති.
ගාමිණී බණ්ඩාර