Aboutceylon Online

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක් සිමා වෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

සතොස ආහාර ද්‍රව්‍ය රැසකම මිල ඉහල දමයි, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක් සිමා කර පාරිභෝගිකයන්ට ලබාදෙයි.

දිවයින පුරා සතොස ශාඛා වල (26) දින සිට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසකම මිල ඉහළ දමා ඇති බව පාරිභෝගිකයන් කියා සිටියි.

ඉකුත් සතියේ හැටන් සතොස ශාඛාවේ රු 175 කට අලෙවි කල පොන්නි සම්බා කිලෝවක් රු 200 කටත් , රු 145 කට අලෙවි කල දේශිය රතු සහල් කිලෝවක් රු 175 කටත් , රු 170 ට අලෙවි කල සිනි කිලෝවක් (26) දින වන විට රු 177 ටත් , රු 489 ට ඉකුත් සතියේ අලෙවි කල ආනයනික රතු පරිප්පු කිලෝවක් රු 560 කටත් අලෙවි කරන බවයි පාරිභෝගිකයන් කියා සිටින්නේ.

මිල වැඩි කලද ඇතැම් ආහාර ද්‍රව්‍ය සිමිත තොග ප්‍රමාණයක් පමණක් සතොස ශාඛාව වෙත එහි පාලන අධිකාරිය විසින් නිකුත් කර තිබු අතර , එම ප්‍රමාණය පාරිභෝගිකයන්ට සමසේ බෙදා දිම සදහා සිමා කර පාරිභෝගිකයන්ට අලෙවි කිරිමට හැටන් සතොස ශාඛාවේ පාලන අධිකාරිය පියවර ගෙන තිබුණි.

රංජිත්

Scroll to Top