Aboutceylon Online

සහල් හිඟය 2023 වසරේ මාර්තු දක්වාම

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

රට තුළ දේශීයව නිෂ්පාදනය කරන සහල්වල විශාල හිඟයක් ඇති වන බවත්, එම කාලවකවානුවේ සිට 2023 වසරේ මාර්තු දක්වා විදේශවලින් ගෙන්වන සහල්වලින් ජීවත්වීමට මෙරට ජනතාවට සිදුවන බවත් එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමය සදහන් කරයි.

වසරක කාලයකට රටට අවශ්‍ය සහල් සකස් කර ගැනීම සඳහා වී මෙට්‍රික්ටොන් ලක්‍ෂ 40ක් අවශ්‍ය බවත්, මාස් කන්නයේදී සාමාන්‍යයෙන් වී මෙට්‍රික්ටොන් ලක්‍ෂ 30ක් ලැබෙන බවත් පවසා සිටි ඒ මහතා, මෙවර මාස් කන්නයේ ලැබී තිබෙන්නේ වී මෙට්‍රික්ටොන් ලක්‍ෂ 15කට අඩු ප්‍රමාණයක් බවත්, යල කන්නයේදී වී මෙට්‍රික්ටොන් ලක්ෂ 15ක් ලැබෙන නමුත් මෙවර ලැබීමට නියමිතව තිබෙන්නේ, මෙට්‍රික්ටොන් ලක්ෂ 7ක පමණ ප්‍රමාණයක් බවත් පවසා සිටියේය.

මේ අනුව මේ වසරේ මාර්තු මස සිට ලබන මාර්තු දක්වා රටට අවශ්‍ය සහල් සකස් කර ගැනීමට තවත් වී මෙට්‍රික්ටොන් ලක්‍ෂ 18ක ප්‍රමාණයක් හිඟව පවතින බවත්, අදාළ හිඟය මගහරවා ගැනීමට රටින් සහල් ගෙන්වීමට සිදුවන බවත් සභාපතිවරයා සඳහන් කළේය.

Scroll to Top