Aboutceylon Online

නව මුදල් ඇමති ලෙස අගමැති දිවුරුම් දෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි.

දිවුරුම් දීම අද (25) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ සිදු කරන ලදි.

මුදල් ඇමැති ලෙස දිවුරුම්දීමෙන් පසු සිය පළමු රාජකාරිය සහන අයවැයක් කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම බව අගමැති රනිල් වික්‍රමසිංහ වාණිජ මණ්ඩල හා ආර්ථික උපදේශකයන් සමග පෙරේදා (23) පැවැති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය. අගමැති කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්විණි.

ප්‍රාග්ධන වියදම් අඩු කර එම මුදල් සුභසාධන කටයුතු සඳහා වැඩි වශයෙන් යොමු කිරීමටද අගමැතිවරයා තීරණය කර ඇත. ඩොලර් වැඩි වශයෙන් ලංකාවට ගෙන ඒම සඳහා වූ විවිධ ක්‍රමවේද ද මෙහි දී සාකච්ඡා කර තිබේ.

ranil

Scroll to Top