Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

අද අලුයම 3.00 සිට ඉන්ධන මිල ඉහළට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

අද (24) අලුයම 03 සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට රජය තීරණය කර ඇත.

ලෝක වෙළෙඳපොළේ පවතින තෙල් මිල සහ අනෙකුත් සාධක සලකා බලා ඉන්ධන මිල සූත්‍රයට අනුව මිල ඉහළ දැමීම සිදුකර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ අනුව සෑම දෙසතියකට වරක් හෝ මාසිකව ඉන්ධන මිල සංශෝධනය කිරීමට නියමිතය.

ඊයේ (23) පස්වරුවේ රැස්වූ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ අදාළ මිල සූත්‍රයට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක් රු. 82කින්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක් රු. 77 කින්, ලංකා ඔටෝ ඩීසල් ලීටරයක් රු. 111කින් සහ සුපර් ඩීසල් ලීටරයක් රු116කින් ඉහළ දමා ඇත.

ඒ අනුව නව මිල ගණන් පහත දැක්වේ

පෙට්ට්‍රල් ඔක්ටේන් 92 – Rs. 420.00
පෙට්ට්‍රල් ඔක්ටේන් 95 – Rs. 450.00
ඔටෝ ඩීසල් – Rs. 400.00
සුපර් ඩීසල් – Rs. 445.00

Scroll to Top