Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

පනාකන්නිය පැරැණි පන්සල වනගත වෙයි – බලධරයින් නිදි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

පනාකන්නිය ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානය හෙවත් පනාකන්නිය පැරැණි පන්සල හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පනාකන්නිය ගම්මානයේ පිහිටි ඉපැරැණි විහාරස්ථානයකි.

එහෙත් එම විහාරස්ථානය රැකගැනීම හා සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් මේ වන තෙක් අදාළ බලධාරීන්ගේ නිසි අවධානයක් යොමු නොවීම හේතුවෙන් මේ වන විට විහාරස්ථානයේ බොහෝ සම්පත් හා ඉපැරැණි විහාරාංග අභාවයට යමින් පවතින බව දක්නට ඇත.

විශේෂයෙන්ම මෙම විහාරස්ථානයට සම්බන්ධ දායක පවුල් ප්‍රමාණය 60ක් තරම් සුළු පිරිසක් වීමත් ඉන් බොහෝ දෙනෙකුට පන්සලක් නඩත්තු කිරීමට තරම් ආර්ථික ශක්තියක් නොවීමත් පවතින මාර්ග අපහසුතාව මත පිටස්තර පිරිස් පැමිණීම හෝ බාහිර ආධාර උපකාර ලැබීම අවම වීමත් මත මෙම තත්ත්වය උද්ගතව ඇතැයි පැවසේ.

මේ සම්බන්ධයෙන් විහාරස්ථ දායක සභාවේ ලේකම් නන්දන පුෂ්පකුමාර මහතා මෙසේ කීය-අප දන්නා පරිදි මේ සුධර්මාරාම විහාරස්ථානය වසර 135ක් පමණ පැරැණි විහාරස්ථානයක්.ඒත් සමහර ඉදිකිරීම් පසුකාලීනව සිදුවූ ඒවා.ආර්ථික වශයෙන් උපකාර කිරීමට හැකි දායක සංඛ්‍යාව සීමිතයි.විහාරස්ථ දහම්පාසල පවත්වාගෙන යන්නේ අවම පහසුකම් ප්‍රමාණයක් මත.පවතින ගැටලු සම්බන්ධයෙන් බුද්ධ ශාසන අමාත්‍යාංශයද දැනුවත් කර තිබෙනවා. ඒත් තාමත් නිසි ප්‍රතිචාරයක් ලැබුණේ නෑ.

ඩී.එම්. පුංචිබණ්ඩා මහතා-මුලින් ඉතා කුඩාවට ආරම්භ වී ඇතැයි සැළකෙන මේ පන්සලේ පැරැණි ධර්ම ශාලාව ඉදිවී තිබෙන්නේ 1934 වර්ෂයේ. එම ධර්ම ශාලාව කාලයාගේ ඇවෑමෙන් ඉතා අබලන්ව දිරාපත් වීමට ලක්වීම නිසා ගම්වාසීන් එක්ව එය සම්පූර්ණයෙන් අලුත්වැඩියා කිරීමට කටයුතු කළා.ඒ අනුව මෙහි බුදුමැදුර ඉදිකොට ඇත්තේ 1934 වසරටත් පෙර විය යුතුයි.

ගණ්ඨාර කුළුණ ඉදිවී ඇත්තේ 1957 වර්ෂයේ.බෝධීන් වහන්සේත් ඉතා පැරැණි බෝධි වෘක්ෂයක්. විහාරස්ථානයට මඳක් ඉහළ ඉඩමක පිහිටා ඇති චෛත්‍යයත් මේ වන විට කැලෑවැදී විනාශ මුඛයට පත්ව තිබෙනවා.ඒත් මෙවන් සියලු විහාර කර්මාන්තයන් පිළිසකර කරන්න ගම්වාසීන්ට තනිවම බෑ. ඒ සඳහා රාජ්‍ය අංශයේ සහයෝගය අත්‍යවශ්‍යයි.

ටී.එම්. කරුණාවතී මහත්මිය- විහාරස්ථානයට එන පාර හොඳටම අබලන්.ඒ නිසා ස්වාමීන් වහන්සේ වගේම දානමාන ගෙනෙන හෝ ආගමික කටයුතුවලට එන දායකයිනුත් දහම් පාසලට එන දරුවනුත් විශාල අපහසුතාවට පත්වෙනවා.දහම් පාසලට අවශ්‍ය පහසුකම්ද ඉතා අවමයි. ඒ නිසා ගමේ ඉහළ කොටසේ ළමුන් බොහොමයක් යන්නේ වෙනත් දහම් පාසල්වලට.

පනාකන්නිය ශ්‍රී සුධර්මාරාම විහාරාධිපති මැදගම වජිරබුද්ධි කාශ්‍යපාලංකාර හිමි-

අප මේ විහාරස්ථානය භාරගත්තේ වසර කීපයකට පෙර.ඊට පෙර මෑත අතීතයේදී අප දන්නා පරිදි විහාරාධිපති හිමිවරුන් විසි නමක් පමණ වැඩවාසය කළා.ඒත් මාර්ග දුෂ්කරතාව නිසා බොහෝ හිමිවරුන් වැඩි කලක් වැඩ සිටින්නේ නෑ.අපත් අනුරාධපුර භික්ෂු විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටින්නේ.පොඩි හාමුදුරුවන් වහන්සේත් අධ්‍යාපනය ලබන අය.

ඒත් වර්තමාන තත්ත්වය අනුව බොහෝ විට අප හැමෝටම මාර්ගගත අධ්‍යාපනය ලැබීමට සිදුවුවත් මෙම ස්ථානයේ දුරකතන සංඥා ආවරණය සම්පූර්ණයෙන්ම දුර්වල වීම අපේ අධ්‍යාපනයට විශාල බාධාවක්. ඒ නිසා සාමණේර හිමිවරුන් මෙහි රඳවා ගැනීමත් ගැටලුවක්.මේ ගැටලු සම්බන්ධයෙන් අදාළ සියළු අංශ ලිඛිතව හා වාචිකව දැනුවත් කර ඇතත් මේ වන තුරු කිසිම පිළියමක් ලැබුණේ නෑ.

ආර්.එම්. විජේරත්න- හාලිඇල සමූහ

Scroll to Top