අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (23)ආරම්භ වේ.
අද ආරම්භ වන අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍යපෙළ විභාගය මධ්‍යස්ථාන 3844කදී පැවැත්වෙන අතර, සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 542ක් සහ ප්‍රාදේශිය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන 73ක් ස්ථාපිත කර ඇත.
අද දිනයේ ආරම්භ වන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ජුනි මස පළමු වනදා දක්වා පැවැත්වීමට නියමිතය.
සාමාන්‍ය පෙළ විභාග රාජකාරී සඳහා පත්වීම් ලබා ඇති කාර්ය මණ්ඩලවලට පිරවුම්හල්වල පෝලිමේ නොසිට ඉන්ධන ලබා ගැනීමට ඉඩ සලසන්නැයි විභාග කොමසාරිස් ජනරාල්වරයා මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
දිවයිනේ සෑම ප්රදේශයක්ම ආවරණය වන පරිදි විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරෙන බැවින් සෑම විභාග මධ්‍යස්ථානයකටම පොලිස් අවි සහිත සැරයන්වරයෙකු සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකු බැගින් යොදවන බව පොලිස් මූලස්ථානය සදහන් කරයි.