වෙලාව රෑ නමයහමාරයි.
මං කිරිබත්ගොඩ ඉඳන් බයික් එකේ ගෙදර එන ගමන්. පොලිසිය පහු කරල මාකොල පැත්තට හැරිල පොඩ්ඩ දුරක් එනකොට මට පෙනුන පොඩි මලු දෙකකුත් අත් දෙකේ එල්ලන් ටිකක් වේගෙන් පයින් යන කොල්ලෙක්. එක අතක වැඩට ගෙනියන බෑග් එකක්. අනික් අතේ එලවලු පොඩ්ඩක්.
මමත් කෝල් එකක ආපු නිසා එකපාරටම ක්ලික් උනේ නෑ. ඒත් පහු වෙනකොටම කෝල් එකත් කට් උන නිසා ආයෙ මූව මතක් උනා.
ඔන්න ඔහේ යනව කියල හිතුනත් ආයෙමත් අර මලු දෙකක් එල්ලන් ඉක්මන් ගමනින් මං යන පැත්තටම යන කොල්ලව මතක් උනා. ඕන මගුලක් කියල ආයෙමත් හරෝගෙන මිනිහව පහු වෙනකල් ගිහින් රවුමක් ගහන් හෙමීට ඉස්සරහට ආව. කොයිකටත් මේ කාලෙ පරිස්සම් වෙන්න එපෑ. පොඩ්ඩක් ඉස්සර වෙනකල් බැලුව මූ අතවත් දායිද කියල.
ම්හු… මොන
මූ බිම බලාගෙන කෙලගෙන යනව.
ඉස්සර කරල නැවැත්තුව….
“මල්ලි යනවනම් නැගපන්”
මගේ ඒ වචන ටික ඇහුන විතරයි කොල්ල බයික් එකට උඩින් ආව.
“කොහෙට වෙනකල් යනවද ?”
“අයිය, ඉස්සරහින් හරෝන තැනකින් දාන්න. මං ඉතුරු ටික පයින් යන්නම්”
“කොහෙටද බන් යන්නෙ ?”
“මාකොලින් දාන්න අයියෙ”
ඔන්න දැන් මාකොලට ආව. මට දැන් තේරෙනව මූ නොකිව්වට තව ඉස්සරහට යනව කියල.
“මාකොලින් බහිනවද තව ඉස්සරහට යනවද ?”
“අයිය ඉස්සරහට යනව නම් සපුගස්කන්දෙන් දාන්න”
කොහෙටද යන්නෙ කියපන්කො
“ඇවරිවත්ත හරියට”
“ආ, මාත් ඒ පැත්තට යන්නෙ. යමු මන් දාන්නම්”
දැන් ඇවරිවත්ත හන්දිය ලඟයි.
“මෙතනින් දාන්නද, තව ඉස්සරහද?”
“අර ඉසසරහ පාර ගාව”
“මෙතනද?”
“ඔව් අයියෙ, මේ ටික මන් යන්නම්. ඔහොම දාන්න”
ඔන්න මන් නැවැත්තුව. කොල්ල බැස්ස.
බැස්ස විතරක් නම් කමක් නෑ. කොල්ලගෙ ඇස් වල කඳුලු 😢
ඒ මදිවට කියපු වචන ටික 🥺
“ගොඩක් පින් අයියෙ. සුපිරි හදවතක් තියෙන්න ඕනෙ මෙච්චර දුර හෙල්මට් එකක්වත් නැතුව අඳුරන්නෙත් නැති එකෙක්ව දාන් එන්න 🥺 පඩි ගන්නකල් ඉඳල පරක්කු උනා. මේ වෙලාවට බසුත් නෑ. වීල් වල එන්නත් බෑ ගනන් වැඩී. රෑ කීය වෙනකල් හරි පයින් එනව කියල හිතන් ආපු මං විනාඩි දහයෙන් ගේ ගාවට එක්කන් ආවට ආයෙමත් පින් අයියෙ. මං ඔයාව දන්නෙත් නෑ 😢”
“😊 මේ කාලෙ ඔහොම තමයි බන්. හෙල්මට් අනං මනං බල බල උන්න බෑ. අපි හැමෝම අසරණයි. පුලුවන් විදිහට නැගිටිමු”
ගාගෙන මං එන්න ආව.
මගෙත් ඇස් වලට කඳුලු ඉනුව. මූව පහු කරන් ඇවිල්ලත් ආයෙ හරවන් යන්න හිතුනෙ පූරුවෙ පිනකට වෙන්න ඇති.
ඕන එකක්. දැන් ඌත් ගෙදර මාත් ගෙදර. උටත් හැපී මටත් හැපී 😋
අපි පුලුවන් විදිහට මිනිස්සුන්ට උදව් කරමු. එකතු වෙලා ගොඩ යන්න පුලුවන් 💪
හැමෝටම ජයෙන් ජය !
Rajitha Gayan Madhuranga ගේ මුහුණූ පොතෙන්…