හැටන් සහ කොටගල ප්රදේශයේ පවතින දැඩි අයහපත් කාලගුණ තත්ත්වය නොතකා එම ප්රදේශවල පිහිටි ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට භුමිතෙල් මිල දි ගැනිමට (23) දින අලුයම සිට පාරිභෝගිකයන් දිගු පොලිම් වල රැදි සිටියහ.
ගෘහස්ථ ගැස් බෙදා හැරුණද ප්රමාණවත් තරම් ගැස් තොග අලෙවි නියෝජිතයන් වෙත බෙදා නොහැරිම හමුවේ තමන්ට ගැස් සිලින්ඩරයක් මිල දි ගැනිමට නොහැකි වු බවත්, ඒ අනුව දින ගණනාවක සිට භුමිතෙල් මිල දි ගැනිම සදහා ඉන්ධන පිරවුම්හල් අසලට පැමිණ පොලිම් වල රැදි සිටින බවයි පාරිභෝගිකයන් කියා සිටියේ.
එම ඉන්ධන පිරවුම්හල් වලට භුමිතෙල් ලැබෙනවාද නැද්ද යන්න පිලිබදව තමන්ව දැනුවත් කිරිමට ඉන්ධන පිරවුම්හල් සේවකයින් පියවර නොගන්නා බවත්, පවත්නා තත්ත්වය මත තමන් දැඩි පිඩාවට පත් වි සිටින බවයි භුමිතෙල් මිල දි ගැනිමට පොලිම් වල රැදි සිටි පාරිභෝගිකයන් කියා සිටියේ.
මේ අතර හැටන් සහ කොටගල ඉන්ධන පිරවුම්හල් අසල ඩිසල් ඉන්ධන ලබා ගැනිමට එම ඉන්ධන පිරවුම්හල් අසල ප්රධාන මාර්ගයේ වාහන ගාල් කර තිබු අයුරු අප කැමරාවේ සටහන් විය.
රංජිත් රාජපක්ෂ