Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

කාලකන්නි දේශපාලුවන් නිසා අහිංසක බිළිඳෙකු මරුට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

දියතලාව රෝහලේ මාගේ 86 වෙනි මරණ පරීක්ෂනය සහ වේදනාත්මකම මරණය.
දින දෙකක් වයසැති මේ පොඩි දුව මව්කිරි බීම අඩුවී කහවීම හේතුවෙන් ලේ වල සිනි අඩුවීම නිසා ගෙදරදී ගැහෙන්න අරගෙන,
හල්දුම්මුල්ල රෝහලට ගේන්න තාත්තට ත්‍රී විල් එකට පැට්‍රොල් හොයන්න පැයක් විතර ගිහින්,හල්දුම්මුල්ල රෝහලට එනකොට ලේවල සීනි 22mg/dl .
දියතලාව රෝහලට ගේද්දී දරුවා හුස්ම අදිනවා.දියතලාව රෝහලේ ETU එකේ දරුවා නැති උනා
අර පැය පරක්කු උනේ නැත්නම් බේරගන්න තිබ්බා .
දෙයක් තමන්ටම වෙන්න ඕනේ ඒකේ දුක තේරෙන්න.
මස 9ක් බඩේ තියාගෙන දවස් 2ක් තුරුලේ තියාගෙන පැට්‍රොල් ලීටරයක් නැතුව දරුවෙක් නැති උනා කියන දුක ජිවිත කාලෙටම වද දේවී.
මිනිය කපන්නත් දුකයි,සියලු අවයව හොදට හැදුනු දරුවෙක්.
හෙන ගහනවා මේ කාලකන්නි දේශපාලුවන්ට.
පස්සේ හිතුනා මේ කාලකන්නි රටේ ජිවත් වෙන්නේ නැතුව ඒ ළමයා ගිය එක හොදයි කියලා

Scroll to Top