Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

කෙසෙල්ගමුඔයේ මැණික් ඉල්ලම් ගොඩ දැමිමට ප්‍රාදේශිය සභාව අනුමැතිය ඉල්ලයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ජාතික විදුලි බල පද්ධතියට විදුලි උත්පාදනය සදහා ප්‍රධාන වශයෙන් ජලය සපයන කාසල්රි ජලාශයේ ප්‍රධාන ගංගාව වන කෙසෙල්ගමුඔයේ ගං ඉවුරු දෙපස කපා ගං පතුලේ ඇති පස් සහ වැලි ගොඩ ගැනිමට නොර්වුඩ් ප්‍රාදේශිය සභාව අදාල ආයතන වලින් අනුමැතිය ඉල්ලා ඇති බව බගවන්තලාව ප්‍රදේශවාසින් පවසයි.

බගවන්තලාව පොලිස් වසමට අයත් ටින්සින් නගරයේ සිට කිලෝමිටරයක් පමණ දුරින් පිහිටි තෙරේසියා වත්ත දක්වා කෙසෙල්ගමුඔයේ පුළුල් කරන මුවාවෙන් ප්‍රාදේශිය සභාව මැණික් ඉල්ලම් ගොඩ දැමිමට කටයුතු කරමින් සිටින බවයි බගවන්තලාව ප්‍රදේශවාසින් කියා සිටින්නේ.

බගවන්තලාව මහඑළිය රක්ෂිතයේ සිට නොර්වුඩ් කාසල්රි ජලාශය දක්වා ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයේ ටින්සින් සිට තෙරේසියා වත්ත දක්වා ස්ථාන කිහිපයකම ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය විසින් 2000 වසරේ මැණික් ගැරිමට නිතියානුකුල අවසරය ලබාදිම හේතුවෙන් මැණික් පතල් කරුවන් බැකෝ යන්ත්‍ර සහ ස්කෙවේටර් යන්ත්‍ර යොදා ගනිමින් මැණික් ගැරිම හේතුවෙන් එම ප්‍රදේශයේ විශාල පරිසර හානියක් සිදු වි කාසල්රි ජලාශයට විශාල වශයෙන් රොන්මඩ ගලාගෙන විත් තැන්පත් විම හේතුවෙන් එම ජලාශයේ රදා පවත්වා ගැනිමට හැකි ජල ධාරිතාව මේ වන විට අඩු වි ඇත.

නොර්වුඩ් ප්‍රාදේශිය සභාව විසින් කෙසෙල්ගමුඔයේ ජලය වැසි කාලයේදි පිටාර ගලන බව පවසමින් එය වැලැක්විමට කෙසෙල්ගමුඔය ටින්සින් සිට තෙරේසියා දක්වා ගං ඉවුරු දෙපස අඩි 6 බැගින් කපා ගං පතුල අඩි 12 දක්වා ගැඹුරට හාරා පස් සහ වැලි ගොඩ දැමිම සදහා නුවරඑලිය ආපදා කලමණාකරණ ඒකකයෙන් සහ නුවරඑලිය දිස්ත්‍රික් ලේකම්වරයාගෙන් ලිඛිතව අවසර ඉල්ලා ඇත.

ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය මගින් පරිසර විනාශයක් කරමින් මිට ප්‍රථම කෙසෙල්ගමුඔයේ සහ රක්ෂිතයේ මැණික් ගැරිම සම්බන්ධයෙන් 2000 වසරේ පරිසර සංවිධානයක් විසින් කොළඹ අභියාචනාධිකරණයේ ගොනු කර තිබු නඩුවකින් පසු අධිකරණයෙන් ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියට නියෝග කර තිබුණේ කෙසෙල්ගමුඔයේ සිට අඩි 60 ක් රක්ෂිතය වෙන්කර යන්ත්‍ර සුත්‍ර භාවිතා නොකරමින් පරිසර විනාශයක් සිදු නොකර මැණික් ගැරිම සිදු කරන ලෙසය.

එවකට ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය විසින් මැණික් ගැරු විශාල වලවල් මෙතෙක් වසා දමා නොතිබෙන අවස්තාවේ ආපදාවක් මුවාවෙන් නොර්වුඩ් ප්‍රාදේශිය සභාව ඇතැම් රාජ්‍ය නිලධාරින්ගේ සහ දේශපාලන අධිකාරියේ කිහිප දෙනෙකුගේ සහයෝගය ඇතිව මැණික් ජාවාරම්කරුවන් විශාල පිරිසකගෙන් මුදල් ප්‍රතිපාදන ලබාගෙන කෙසෙල්ගමුඔය ගොඩ දැමිමට කටයුතු කරන බවයි කෙසෙල්ගමුඔය දෙපස තෘණ වගා කර ඇති අවට පදිංචි වතු කම්කරුවන් කියා සිටියේ.

තමන්ට අමතර අදායමක් ලබා ගැනිම වශයෙන් ගව පාලනය සිදු කරන බවත්, ඒ සදහා අවශ්‍ය තෘණ කපාගනු ලබන්නේ කෙසෙල්ගමුඔය රක්ෂිතයෙන් බවයි වතු කම්කරුවන් කියා සිටින්නේ.

කිසිදු ජනාවාසයක් නොමැති කෙසෙල්ගමුඔය රක්ෂිතය කාසල්රි ජලාශය ඉදි කිරිමේදි පාංශු සංරක්ෂණ පනත යටතේ ගැසට් කර සංරක්ෂණය කල තෙත් බිම් කලාපයක් වශයෙන් නම් කර ඇති බවත්, කෙසෙල්ගමුඔය ස්භාවිකව ගලා බසිනා ගංගාවක් බවයි පරිසර සංවිධාන පවා පෙන්වා දෙන්නේ.

නොර්වුඩ් ප්‍රාදේශිය සභාව කෙසෙල්ගමුඔය පුළුල් කිරිමට අවසර ඉල්ලා ඇති බවත් කෙසෙල්ගමුඔයේ මැණික් ඉල්ලම් ඇති බවට තොරතුරු ලැබි ඇති නිසා ඒ පිලිබදව අවශ්‍ය කටයුතු කරන ලෙසට නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතා විසින් ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියට ලිඛිතව දැනුම් දි ඇත.

මේ සම්බන්ධයෙන් අප නුවරඑලිය ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතාගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ කෙසෙල්ගමුඔය ටින්සින් නගරයේ සිට තෙරේසියා වත්ත දක්වා බැකෝ සහ ස්කැවේටර් යන්ත්‍ර යොදාගනිමින් පුළුල් කිරිමට අවසර ඉල්ලා නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා විසින් අවසර ඉල්ලා ඇති බවත්,ඒ අනුව අදාල ආයතන වෙතින් නිර්දේශ ලබාගෙන එම නිර්දේශ තමන් වෙත ඉදිරිපත් කර ඒ සදහා අවශ්‍ය අවසරය ලබාගෙන අදාල ව්‍යාපෘතිය සිදු කරන ලෙසට නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයාට ලිඛිතව දැනුම් දුන් බවයි.

තවද නොර්වුඩ් ප්‍රාදේශිය සභාව විසින් ව්‍යාපෘතියක් වශයෙන් සිදු කිරිම අවසර ඉල්ලා ඇති කෙසෙල්ගමුඔය දෙපස කිසිදු ජනා වාසයක් නොමැති බවත්, මිට ප්‍රථම කෙසෙල්ගමුඔය පිටාර ගැලිමෙන් කිසිදු පුද්ගලයෙකු හෝ පවුල් අපදාවට ලක් වු බවට තම ආයතනය වෙත තොරතුරු ලැබි නොමැති බවයි.

මේ සම්බන්ධයෙන් අප නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ සභාපති රවි කුලන්දවේල් මහතාගෙන් කල විමසුමකට කියා සිටියේ කෙසෙල්ගමුඔය පුළුල් කිරිම සදහා ව්‍යාපෘතියක් සකස් කර එම ව්‍යාපෘතිය අනුමැති සදහා අදාල රාජ්‍ය ආයතන වෙත ඉදිරිපත් කර ඇති බවත්, කෙසෙල්ගමුඔයේ මැණික් ඉල්ලම් ගොඩදැමිම තම පරමාර්ථය නොවන බවත්, ව්‍යාපෘතිය සිදු කිරිමට අපෙක්ෂිත කොටසේ මැණික් ඉල්ලම් ඇති බවට තමන්ට තොරතුරු ලැබි නොමැති බවද නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසිය.
එම ව්‍යාපෘතිය සිදු කිරිමට අපෙක්ෂා කරන කෙසෙල්ගමුඔයේ ගං පතුල හාරා සහ ඉවුරු කපා පරිසර විනාශයක් කරමින් අනවසරෙන් මැණික් ගරමින් සිටි විශාල පිරිසක් බගවන්තලාව පොලිසිය විසින් අවස්තා කිහිපයකදි අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.

රංජිත්

Scroll to Top