බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත්වල හා ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු,උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන තද සුළං (පැ.කි.මී. (40-50)) ඇතිවිය හැකි බව දන්වා තිබේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් සිකුරාදා (13) රාත්‍රී 8 ට කළු ගඟේ ද්‍රෝණියේ ඉහළ හා මධ්‍යම ධාරා ප්‍රදේශ වලට අධික වැසි සමග ගංවතුර සම්බන්ධ අවදානම් නිවේදනයක් නිකුත් කරනු ලැබ ඇත.
රත්නපුර ප්‍රදේශයේ ගංවතුර තත්ත්වය ඉහළ යා හැකි බව දිස්ත්‍රික් ලේකම් මාලනි ලොකුපෝතාගම මහත්මිය පැවසුවාය.
ඇය පැවසුවේ, මේ වනවිටත් රත්නපුර, ඇලපාත, කිරිඇල්ල හා පැල්මඩුල්ල යන ප්‍රදේශවල පහත් බිම් රැසක් ජලයෙන් යටවී ඇති බවය.
මේ අතර, අධික වර්ෂාව සමග කුකුලේ ගඟ ජලාශයේ වාන් දොරටු විවෘත කර ඇති අතර, බුලත්සිංහල – මෝල්කාව මාර්ගය ජලයෙන් යටවී තිබේ .