සොජිස්ට්ස් සහ යුගදනවි විදුලි බලාගාර හැරුණු කොට රටේ වෙනත් කිසිදු තාප විදුලි බලාගාරයකට මේ වනවිට ඉන්ධන නොමැති බැවින් ඉදිරියේදී පැය හතක පමණ කාලයක් දක්වා විදුලි කප්පාදුව දීර්ඝ කිරීමට සිදුවිය හැකි බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පැවැසුවේය. රටේ ඇඳිරිනීතිය පැවති දින කිහිපය තුළ විදුලි ඉල්ලුම ඉතාමත් අඩුවූ නිසා පැය තුනක කාලයකට විදුලි කප්පාදුව අඩු කරගැනීමට හැකියාවක් තිබුණද රට නැවත සාමාන්‍ය තත්ත්වයට පත්වූ විගස ඉහළ යන විදුලි ඉල්ලුමට අවශ්‍ය සැපයුම ලබාදීමට විදුලි බල මණ්ඩලයට හැකියාවක් නොමැති බව මෙම සංගමයේ සම ලේකම් ඉංජිනේරු එරංග කුඩාහේවා කියා සිටියේය.
අද(13) දිනයේ සිට විදුලි කප්පාදුව තවත් දීර්ඝ කිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලිබල මණ්ඩලයට අවසර දී තිබෙනවා.
ඒ අනුව විදුලි කප්පාදු කිරීමේ සම්පූර්ණ කාලසටහන පහතින් බලන්න.