මුලු දිවයිනටම පනවා ඇති ඇඳිරි නීතිය අද (12) උදැසන 07.00 ට ඉවත් කරේ.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ඇදිරි නීතිය යළි පස්වරු 2.00 සිට බලාත්මක බවයි.
එය හෙට (13) දින පෙරවරු 6.00 දක්වා බලපැවැත්වෙනු ඇති.
ඒ අනුව බලය දෙනු ලබන නිලධාරියෙකු විසින් ප්‍රධානය කරන ලද ලිඛිත අවසර පත්‍රයක අධිකාරය යටතේ මිස පොදු මාර්ගයක, දුම්රිය මාර්ගයක, පොදු උද්‍යානයක, පොදූ ක්‍රීඩා භූමියක හෝ වෙනත් පොදු භූමියක හෝ එම ප්‍රදේශවල මුහුදු වෙරළේ රැඳී සිටීමට කිසිවෙකුට අවසර නොමැති බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.