2022 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය කල් දැමීමේ කිසිදු තීරණයක් ගෙන නොමැති බව විභාග කොමසාරිස් ජනරාල් ඩී. ධර්මසේන පවසයි.
ඒ අනුව සැලසුම් කළ පරිදි ලබන 23 වන දා සිට විභාගය ඇරඹෙනු ඇති.
ශිෂ්‍යත්ව විභාගය ඔක්තොම්බර් 16 වැනිදා සහ අ.පො.ස උසස් පෙළ විභාගය ඔක්තොම්බර් 17 වැනිදා සිට නොවැම්බර් මස 12 වැනිදා දක්වා පැවැත්වීමටත් නියමිතය.