ජොන්ස්ටන් ප්‍රනාන්දු, කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව හා කුරුණෑගල ප්‍රාදේශීය සභා සභාපති අචල නිමන්ත යන අයගේ නිවෙස්වල තිබී කිලෝග්‍රෑම් 12.5ක් බරැති ගෑස් සිලින්ඩර 140ක් පමණ සොයා ගෙන ඇත.
ජොන්ස්ටන්ගේ කුරුණෑගල වැව පාරේ නිවෙසේ ලාෆ් ගෑස් සිලින්ඩර පමණක් අසූවකට වැඩි සංඛ්‍යාවක් තිබී ඇත.
මේ අතර හිටපු ඇමැති චමල් රාජපක්ෂට අයත් නිවෙස් දෙකක සහ උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්ට අයත් ගොවිපොළක තිබු යූරියා පොහොර මිටි 300ක්, ඩීසල් ලීටර් 3000ක්, වී මිටි 200ක තොගයක් සහ රතු පරිප්පු තොගයක් ප්‍රදේශයේ ජනතාවට බෙදා දීමට විරෝධතාකරුවන් කටයුතු කර ඇත.
මහීපාල හේරත්ට අයත් දිඹුලාගල බඳනාගල පිහිටි අක්කර 50 කින් සමන්විත ගොවිපළේ පිහිටි ගබඩාවක යූරියා පෝර මිටි හාරසියයකට ආසන්න ප්‍රමාණයක් සහ තවත් රසායනික පෝර මිටි තොගයක් තිබී ඇති අතර ඒවා ගොවීන්ගේ භාරයටද ගෙන තිබේ.
බිමල් රුහුණගේ – මාස්පොත/නිමල් ජයරත්න-මනම්පිටිය / ඒ.ඒ පේමසිරි-තිස්සමහාරාම