Aboutceylon Online

ඇඳිරි නීතිය දීර්ඝ වෙයි – මහජන දේපළ විනාශ කරන්නන්ට වෙඩි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

සමස්ත ශ්‍රී ලංකාවටම බලපැවැත්වෙන පරිදි දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය ලබන 12 වැනිදා පෙරවරු 7.00 දක්වා දීර්ඝ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය අද (10) රාත්‍රී නිවේදනය කළේය.

ලිඛිත අවසරයකින් තොරව පොදු මාර්ගයක, දුම්රිය මාර්ගයක, පොදු උද්‍යානයක, ක්‍රීඩා භූමියක හෝ වෙනත් පොදු භූමියක සහ එම ප්‍රදේශවල මුහුදු වෙරළේ රැදී සිටීමට කිසිවකුට අවසර නොමැති බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

මහජන දේපළ කොල්ලකන හෝ පුද්ගල හානි සිදුකරන සියලු තැනැත්තන්ට වෙඩි තැබීම සඳහා ආරක්ෂක අමාතයංශය විසින් ත්‍රිවිධ හමුදාවට නියෝග කර ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

Scroll to Top