Aboutceylon Online

අගමැතිවරයා ඉවත් විමේ නාට්‍ය තුල තියන්නෙත් හදිසි නිතිය උපයෝගි කරගෙන ජනතාව මර්ධනය කරීමයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

අගමැතිවරයා ඉවත් විමේ නාට්‍ය තුල තියන්නෙත් හදිසි නිතිය උපයෝගි කරගෙන ජනතාව මර්ධනය කරන්න බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් සහ පා.ම විජිත හේරත් මහතා අවධාරණය කරයි.
අගමැතිවරයා ඉවත් විමේ නාට්‍ය තුල තියන්නෙත් හදිසි නිතිය උපයෝගි කරගෙන ජනතාව මර්ධනය කරන්න බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් සහ පා.ම විජිත හේරත් මහතා පැවසිය.
විජිත හේරත් මහතා ඒ බැව් කියා සිටියේ (08) දින හැටන් නගරයේදි මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමිණි.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු විජිත හේරත් මහතා වැඩි දුරටත් කියා සිටියේ
මුළු රටම එක හඩින් කියා සිටින්නේ ජනාධිපති සහ අගමැති සිය ධුරවලින් ඉවත් විය යුතුයි කියලා.
මේ දේශපාලන අර්බුධය විසදගන්න පුළුවන් වෙන්නේ මේ දෙන්නා ඉවත් වුනොත් විතරයි.
දැන් ඇගමැතිතුමා ඉවත් වෙන්න යනවා , ඒක පමණක් මදි , හැමෝම කියන්නේ ගෝඨා ගෝ හෝම් කියලා.
අගමැතිවරයා ඉවත් වෙලා නව ආණ්ඩුවක් පත් වුණත් , කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා වෙන්නේ ජනාධිපතිවරයා. එතකොට නව ඇමතිවරුන් සහ අගමැතිවරයා පත් කරන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ.
ජනතාවට ගැටළු ඇති කරපු , ගොවිජනතාවට පොහොර ටික නැති කරපු ගෝඨාභය රාජපක්ෂගේ නායකත්වයෙන් නව කැබිනට් එකක් හදලා මේ ප්‍රශ්න විසදන්න බැ.
මේකෙන් වෙන්නේ තවත් අර්බුධය වැඩි වෙන එක විතරයි, මේ කරන්නේ එක්තරා ආකාරයක උපක්‍රමයක්.
එක ඒ අයගේ වාසියට තමයි යන්නේ , රටේ ජනතාවට විසදුමක් වෙන්නේ නැ.
ජනාධිපතිවරයා , ඇගමැතිවරයා ඇතුළු ආණ්ඩුවම ඉවත් වෙන්න ඕනි, එහෙම වුණොත් තමයි සියළුම දේශපාලන පක්ෂ වලට එකතු වෙලා සර්ව පාක්ෂික කෙටි කාලින ආණ්ඩුවක් ස්ථාපනය කරන්න පුළුවන් වෙන්නේ.
ජාතික ජන බලවේගය විදිහට අපි සර්ව පාක්ෂික ආණ්ඩුවකට එකතු වෙන්නේ ජනාධිපතිවරයා , අගමැතිවරයා ඇතුළු ආණ්ඩුව ඉවත් වුණොත් පමණයි.
එහෙම වුණේ නැත්නම් වෙන්නේ මේ අරගලය සහ ප්‍රශ්නය දිගින් දිගමට ඉදිරියට යන එක පමණයි.
අගමැතිරයා ඉවත් වෙනවා කියනවා , ඒක පමණක් වුණත් මදි ජනාධිපතිවරයත් ඉවත් වෙන්න ඕනි. අන්තිම මොහොතේ අගමැතිවරයා ඉවත් වෙන්නේ නැති වෙයිද කියලා අපි දන්නේ නැ , එකෙන් වෙන්නෙත් මේ ප්‍රශ්නය දිගින් දිගටම ඉදිරියට යන එක.
ආණ්ඩුව මේ ප්‍රශ්නය විසදන්න හදන්නේ බලහත්කායෙන් සහ මර්ධනයෙන්, ඒක නිසා තමයි හදිසි නිතිය පැනවුයේ , හදිසි නිතිය පනවලා ජනතාවගේ හඩ වහන්න උත්සහ කරනවා.
අගමැතිවරයා ඉවත් විමේ නාට්‍ය තුල තියන්නෙත් හදිසි නිතිය උපයෝගි කරගෙන ජනතාව මර්ධනය කරන්න.
නමුත් ජනතාව ඒවට බය නැ , ඇදිරි නිතිය පනවලා තියෙද්දිත් ජනතාව පාරට බැස්සා , ජනතා පිඩනය මෙකෙන් නතර කරන්න බැ , ජනතාව පාරට බහිනවා මේ අරගලය ඉදිරියට යනවා.
ස්වාධින නිතිඥවරුන්ගේ යෝජනාවලියේ ජනාධිපතිවරයා ඉවත් විය යුතුයි කියලා සදහන් කරලා නැ නමුත් අපේ එකගතාවය නම් ජනාධිපතිවරයත් ඉල්ලා අස්විය යුතුයි කියලා.
සමගි ජනබලවේගය ප්‍රකාශ කරා ඒ යෝජනාවලියට එකග වෙනවා කියලා , මම දන්නේ නැ ඒකේ ඇත්ත තත්ත්වය මොකක්ද කියලා.
දැන් ස්වාධින කණ්ඩායම කියලා විපක්ෂයට එකතු වෙලා ඉන්නේ පොදු ජන පෙරමුණේම කොටසක්නේ ?
ආණ්ඩුවක් හදන්න සමගි ජන බලවේගය , දෙමල ජාතික සන්ධානය , ජාතික ජන බලවේගය එකතු වෙන්නේ නැත්නම් , ඒ ස්වාධින කණ්ඩායම තමයි අලුතින් ආණ්ඩුවක් හදන්නේ.
එකට හිටිය කට්ටිය තාවකාලිකව තරහා වෙලා ආයේ යාලු වෙලා ආණ්ඩුවක් හදා ගන්න තමයි දැන් තියෙන්නේ.
ඒකට විපක්ෂය වන අපිට ගාව ගන්න ඕනි නැ , අපේ ස්ථාවරය ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතුයි කියලා. යනුවෙන් පැවසිය.

රංජිත්

Scroll to Top