Aboutceylon Online

ඩොලර් බිලියන 1ක ණය පහසුකම ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳ තොරතුරු ප්‍රකාශයට පත් කෙරේ

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ශ්‍රී ලංකාවේ ආහාර, සෞඛ්‍ය සහ බලශක්ති සුරක්ෂිතතාවය ශක්තිමත් කිරීම සඳහා ඉන්දියානු රජය විසින් 2022 මාර්තු 17 වන දින ඉන්දියානු රාජ්‍ය බැංකුව හරහා ඇමරිකානු ඩොලර් බිලියන 1ක සහනදායි ණය පහසුකමක් ශ්‍රී ලංකා රජයට ලබා දෙන ලදී. මෙම ණය පහසුකම මේ වන විට ක්‍රියාවට නංවා තිබෙන අතර ඒ යටතේ සහල් සහ වියළි මිරිස් වැනි ආහාර ද්‍රව්‍ය දැනටමත් සපයා තිබේ. ශ්‍රී ලංකා රජයේ සහ ජනතාවගේ ප්‍රමුඛතාවයන් මත පදනම්ව සීනි, කිරි පිටි, තිරිඟු පිටි, ඖෂධ, ඉන්ධන සහ කාර්මික අමු ද්‍රව්‍ය සැපයීම සඳහා එකඟතා රැසක් ද මෙම ණය පහසුකමට ඇතුළත් වේ
2. මෙම ණය පහසුකම ක්‍රියාත්මක කරනු ලබන ආකාරය පිළිබඳ තොරතුරු ඉන්දියානු රාජ්‍ය බැංකුව විසින් නිකුත් කර තිබෙන අතර එය පහත යොමුවෙන් ලබා ගත හැක.

https://sbi.co.in/documents/16337/0/060522-Sri+Lanka+USD+1000+mio+facility.pdf/86f4dd1d-2741-e37d-ef88-232c89547f3e?t=1651813727335

Scroll to Top