ඩිසල් ඉන්ධන නොමැති විමෙන් හැටන් ප්‍රදේශයේ පෞද්ගලික බස් රථ ධාවනය අඩාලයි, බස් රථ ගණනාවක් ධාවනයෙන් ඉවතට.
හැටන් නගරයේ පිහිටි සිපෙට්කෝ සහ අයි.ඕ.සි ඉන්ධන පිරවුම්හල් වලට දින ගණනාවක සිට ඩිසල් ඉන්ධන තොග නොලැබිම නිසා හැටන් පෞද්ගලික බස් නැවතුම්පොලේ සිට දිනපතා ධාවනය වන දුර සහ කෙටි දුර ධාවනයට එක් කර ඇති පෞද්ගලික බස් රථ ගණනාවක් (08) දින සිට ධාවනයෙන් ඉවත් කරගෙන ඇත.
හැටන් නුවරඑලිය , හැටන් කොළඹ ,හැටන් මහනුවර යන දුර සේවා බස් රථ සහ හැටන් බගවන්තලාව ඇතුළු කෙටි දුර බස් රථ ගණනාවක්ද මෙසේ ධාවනයෙන් ඉවත් කරගෙන ඇත.
ඇතැම් බස් රථ සහ වාහන ගණනාවක් ඩිසල් ඉන්ධන නොමැති විම නිසා ඉන්ධන පිරවුම්හල් අසල ගාල් කර ඇති අයුරු අප කැමරාවේ සටහන් විය.
හැටන් ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හල් වල බූලි සහ බෝතල් වලට පෙට්‍රල් සහ ඩිසල් ඉන්ධන නිකුත් නොකරන බවට ඉන්ධන පිරවුම්හල් සේවකයින් විසින් ඉන්ධන නිකුත් කරන පොම්පය මත දැන්විමක්ද අලවා ඇත.
රංජිත්